මෙරට රාජ්‍ය සේවයේ ඉහල පරිපාලන නිලධාරීන්ට අනාගත දැක්මක් නැති බව අප දිගින් දිගටම වාර්තා කර තිබේ. රටේ ජනතාවට සේවය කරනා ඔවුන් රටේ නායකයන්ය. සැබෑ නායකයන්ට අනාගතය පිලිබදව දර්ශනයක්, දැක්මක් තිබිය යුතුය. ඔවුන් වර්තමානයේ සිට අනාගතය සැලසුම් කල යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ අප නිරන්තරයෙන්ම දකින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ ඉහලම නිලධාරීන්ගේ සිට එම සේවයේම නවකයා දක්වාම දේශපාලනය පමණක් කරන බවයි.
අප නිරන්තරයෙන්ම සදහන් කරන එම රාජ්‍ය පාරිපාලන සේවයේ බහුතරයක් නිලධාරීන්ගේ අනාගත දර්ශනයක් නොමැතිකම හේතුවෙන්ම අද (31) ශ්‍රී ලංකාවේ දුම්රිය ගමන් වාර 44 ක් අවලංගු කර තිබෙන බව වාර්තා වේ. ඒවා නම් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 23 ක්, මුහුදු බද මාර්ගයේ දුම්රිය 12, පුත්තලම මාර්ගයේ 7 ක් සහ කැලණිවැලි මාර්ගයේ 2 ලෙසිනි.
එයට හේතුව ලෙස වාර්තා වන්නේ දුම්රිය සේවකයන් 500 ක් පමණ විශ්‍රාම යාම බවයි. ඔවුන් විශ්‍රාම යන බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේඛම්ගේ සිට පහලට දැනගෙන නොසිටියේ නම් එය සැබෑම අදක්ෂ කමකි. දැනෙගන නිහඬව සිටියේ නම් එය වැඩබැරි කමකි. වැඩ බැරිකම යනු ඔවුන් වැඩකිරීමට නොදන්නා බවයි. වැඩ කිරීමට නොදන්නේ නම් ඔවුන් තව දුරටත් රාජ්‍ය සේවයේ තබන්නේ කුමකටද?, යන්න ප්‍රශ්න කිරීමට මහජනතාව ලෙස මෙන්ම, රටේ පුරවැසියන් ලෙස අපටද අයිතියක් තිබේ.