“ද හින්දු” පුවත්පත වාර්තා කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වශයෙන් හඳුන්වන කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවයි.
පාතාල කල්ලි නායක කංජිපාන ඉම්රාන් රාමේෂ්වරම් වෙත ඇතුළු වී ඇති බව පවසමින් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි “ද හින්දු” පුවත් වාර්තාව සඳහන් කළේ.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සෝදිසියෙන් කටයුතු කරන ලෙස ද එම ප්‍රාන්ත වැසියන්ට ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවත් අදාළ පුවත් පත වාර්තා කරන ලදී.