තම වකුගඩු විකුණා මුදල් ලබා ගන්නේ අන්තිම දුගී වැසියන්ය. ඔවුන් විකුණන වකුගඩුවත් විකුණාගෙන කොමිස් ගන්නා අපායටවත් වද්දා නොගෙන සිටිය යුතු දූෂිතම වංචාකරුවන් මෙරටට බිහි වී අවසන්ය.පසුගිය දිනයක බොරැල්ල වෙස්ටර්න් රෝහලේ සිදු වූ බවට කියවෙන වකු ගඩු සහ වෘෂන කෝෂ සම්බන්ධව මාධ්‍ය මගින් ජනගත කල ආකාරයට එම රෝහල හා සම්බන්ධව සිදුකල කතාව අමූලික බොරුවක් බව මේ වන විට එළිදරව් වී තිබේ. එසේම එම රෝහලට එරෙහිව චෝදනාව එල්ල කිරීම පිටුපස ඇති සත්‍ය කතාව අප මීට පෙර එළිදරව් කරන ලදී. ඒ අදාළ රෝහලේ හිමිකාර වෛද්‍යවරයා සමග life travalar යු ටියුබ් නාලිකාව සිදුකල සාකච්ඡාවකදීය. එය ඒක පාර්ශ්වික සාකච්චාවක් විය.
කෙසේ වුවත් එම නාලිකාව අද සිදුකර තිබෙන ගවේශනාත්මක වැඩසටහනට අනුව මෙම වකුගඩු ජාවාරමට මෙම රෝහල සම්බන්ධ නැති බවට නීතිවිද්යානුකූලව තහවුරු කරගෙන තිබේ. මෙම සත්‍ය එළිදරව්ව කිරීමට මෙම නාලිකාවේ මාධ්‍යවේදීන් කටයුතු කරන විට, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොළඹ අපරාධ විමර්ශන කොඨිඨාශය සහ මාධ්‍ය ආයතනයක් වෙනත් මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ ලබා නොදෙන ලෙස පවසා තිබේ. කෙසේ නමුත් කොළඹ අපරාධ කොඨිඨාශය පසුව ප්‍රකාශ කර තිබෙන්නේ පරීක්ෂණ වලට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙසයි.
ඒ අනුව මෙම වීඩියෝවේ සදහන් වන ප්රකාශයන්වලට අනුව පෙනී යන්නේ මෙම ජාවාරම සිදුකර තිබෙන්නේ අදාළ රෝහල නොවන බවයි. එසේම ජාවාරමට සම්බන්ධ සමන් නමැති පුද්ගලයෙකු සිටින බවත් ඔහු රෝහල සමග සම්බන්ධ නොමැති තැරව් කරුවෙකු බවද මෙහිදී ආනාවරණය වේ. තව දුරටත් කරුණු සෙවීමේදී අනාවරණය වන්නේ මෙම සමන් නැමති පුද්ගලයා පොලිසිය සමග සබඳකම් තිබෙන පුද්ගලයෙකු බවයි. එසේම බාබු නැමති පුදගලයෙකු මේ වන විටත් අත් අඩංගුවේ පසුවන බවද කියා වේ.
එසේ නම් මේ සමන් යනු කවුරුන්ද?. රටක් ගිනි තැබූ වකුගඩු ජාවාරමේ මහා මොලකරු නොහොත් මිනිස් අංඟ ජාවාරම්කරු ලෙස මෙම වීඩියෝව මගින් කියවෙන සමන් තවමත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඇයි?. බොරැල්ලේ බටහිර රෝහල මුදල් ලබා නොගත් බව වකු ගඩු ලබා දුන් පුද්ගලයන් ප්‍රකාශ කරද්දීත් මේ රෝහල එයට සම්බන්ධ බව ප්‍රකාශ කරමින් වැරදි මතයක් ජනතාව අතරට යවමින් කටයුතු කලේ කුමන හේතුවක් නිසාද?. සියල්ලම සත්‍ය ලෙස අනාවරණය කරමින් ජීවිත සිය ගනනාවකට නැවත ජීවිතය ද්දී තිබෙන මෙම වකුගඩු රෝහලට මෙලෙස අපකීර්තියක් ගෙන දෙන අයුරින් ජනතාවට බියක් සැකයක් ඇති කලේ ඇයි?. දකුණු ආසියාවේ හොදම වකුගඩු රෝහල ලෙස කුමක්ද යන්න ගූගල් යෙදුමෙන් සොයන විට අපට පිළිතුරු ලෙස ලැබෙන්නේ මෙම රෝහල සහ නිර්මාතෘ වන වෛද්‍යවරයාගේ නමයි.
කවුරු කලත්, කුමක් අරභයා කලත් ගවේශනාත්මක පුවතක් පලකිරීමේදී එය සත්‍යයෙන් තොර වුවහොත් වෙනත් මාධ්‍ය මගින් එහි සත්‍ය හෙළිදරව් වන බව දැනගෙන කටයුතු කිරීම සියලුම මාධ්‍ය ආයතනවල වගකීම වේ. එබැවින් මේ අපරාධය හෙට සිදුවන්නේ අපට විය හැකිය. වංචාවෙන්, බොරුවෙන් දිගින් දිගටම කටයතු සිදුකරන පුද්ගලයන් සුරැකීම සදහා මාධ්‍ය නිදහස අවභාවිතා නොකළ යුතුය. සිද්ධිය පිලිබදව සත්‍යයම කතාව පහතින් අහන්න.