ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිම නොමැති වුවත් සැලකිය යුතු ආකාරයක ඉන්ධන අඩුවක් දක්නට තිබේ. වෙනදා ඕනෑම වෙලාවක ලබා ගත හැකි ඉන්ධන වර්ග ඉන්ධන පිරවුම්හල වල දක්නට නැත. කෙසේ නමුත් භුමි තෙල් සොයාගැනීමටද නොහැකි නමුත් මුහුදුබඩ ප්‍රදේශ වල තිබෙන බව පැවසේ. එසේම ඩිසල් ද යම් ප්‍රමාණයක අඩුවක් දක්නට තිබේ.
ඒ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් මිල රුපියල් 15 කින්ද, ලංකා භුමි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද ලෙස අද මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩුකර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක්ද, ලංකා භුමි තෙල් ලීටරයක නව මිල රුපියල් 355 ක්ද පමණ වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.