රටේ කොහේ බැලුවත් වංචාව සහ දූෂණය මනාව ක්‍රියාත්මක වෙමින් තිබේ. එය සාමාන්‍ය රාජ්‍ය සේවකයාට පමණක් සාමාන්‍ය වැසියන්ට පවා පොදු වූ දූෂිත දර්ශනයක් ස්ථාපිතව අවසන්ය. එයට වගකිව යුත්තෙම මෙරට පාලකයන් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්මය.
එවන් පසුබිමක් තුල ලෝක බැංකුවෙන් දීමනා ලෙස ලැබුණු රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් බෙදා ගැනීමට යාමේදී මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් පිරිසක් අතර ගුටිකෙළියක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
මෙසේ මුදල් ලැබී තිබෙන්නේ මහනුවර KMTT බස් ව්‍යාපෘතිය වෙනුවෙනි. ඊයේ (04) මාධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පාරක්රම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ ප්‍රධාන කාර්යාලයේදී පවතී මුදල් බෙදා දීමේදී තමන්ට අසදාහරනයක් වූ බවට නිලධාරියෙක්ට තවත් නිලධාරියෙක්ගේ මූනට පහර දී තිබේ.
සභාපතිවරයාද ඉදිරියේදී සිදුව තිබෙන මෙම ගැටුම අතරතුර සභාපතිවරයා ඉන ඉවත්කිරීමට කටයුතු කර තිබේ. පහරකෑමට ලක් වූ සේවකයා පල්ලෙකැලේ පොලිසියට පැමිණිලිකර තිබේ. කෙසේ වෙතත් නිකන් දෙන මුදලට කෑදර නොවී, රට වෙනුවෙන් කටයුතු කිරීමටවත් තමන්ගේ , මොලය වැඩකරන්නේ නැති නම් මෙවැනි රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවට කුමටද?, යන්න දිගින් දිගටම ලියන අපට මේ වෙනුවෙන් ලියන්නට තිබෙන්නේ මෙවැනි රාජ්‍ය ආයතන විසුරුවා හැරිය යුතු බවයි.
(චායාරූපය මෙම පුවතට අදාල නොවේ. අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී)