පාසැල් ළමුන් ඉලක්ක කර මත් පෙති හා මත්ද්‍රව්‍ය අලවි කල සැකකරුවන් 55 දෙනකු බස්නාහිර පළාතේ පාසැල් ආශ්‍රිතව කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙනතිබේ.
මෙම මෙහෙයුමේදී මත් පෙති, අයිස්, ගංජා, මවා,හෙරෝයින්,බාබුල් වැනි මත්ද්‍රව්‍ය වර්ග සැක කරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
මෙම මෙහෙයුම ඊයේ (5) සිදු කළ අතර මෙවැනි හදිසි වැටලීම් නොකඩවා තව දුරටත් අකණ්ඩව සිදු කරණ බවයි පොලීසිය සදහන් කරන්නේ.
මත්ද්‍රව්‍ය උවදුරට ලංකාව පුරා පාසැල් ළමුන් ගොදුරු වී ඇති හෙයින් ආරක්ෂක අංශයන් වල හා පොලිසියේ අවදානය මෙලෙස හෝ යොමුවීම යම්තරමින් හෝ සහනයක් උවත් මෙම උවදුර සම්පුර්ණයෙන්ම නැවතීම සදහා බලධාරීන් කටයුතු කරන්නේනම් පාසැල් දරුවන්ගේ මෙන්ම රටේ අනාගතයද සුභ වනු නොවනුමානය.