හම්බන්තොට ධීවර වරාය ආසන්නයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කරගැනීම සදහා වෙරලාරක්ෂකයන් අහසට වෙඩි තබා තිබේ.
ධීවර යාත්රා 2 ක් දියබෙදී ඇති වූ බහින් බස් වීමක් මුල් කොට ගෙන මෙම ගැටුම වෙරළේදී ඇතිව තිබේ.
එම ගැටුම පාලනය කිරීමට වෙරලාරක්ෂකයන් මැදිහත් වූ අවස්ථාවේ එම නිලධාරියකුට පහරදී, ඔහුන්ට අයත් කාර්යාලයටද පහරදී ඔහුන්හට විරෝධය දැක්වීම හේතුවෙන් එම නිලධාරීන් අහසට වෙඩි තබා ගැටුම පාලනය කොට තිබේ.
ගැටුමේදී වෙරලාරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා හමබන්තොට රෝහලට ඇතුලත් කල අතර ගැටුමට සම්බන්ද 7 කු අත්අඩංගුවට ගෙන තෙබෙ.
මේ පිළිබද වැඩි දුර විමර්ශන පොලීසිය විසින් සිදු කරණු ලබයි.