ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවට එය කල යුතු වගකිවයුත්තන්ගේ ගමන් මග තවමත් යන්නේ අයාලේ බව පැහැදිලිවම දක්නට තිබේ. විපක්ෂයන හෝ ජනතාව වෙනුවෙන් නිසි ලෙස පෙනී සිටින බවක් අපට දක්නට නැත. නමුත් අප ද නිරන්තරයෙන්ම යා යුතු මග මෙන්ම කල් යුතු දේවල්ද පෙන්වා දෙනු ලබයි.
මේ අතර රටේ ඇතැම් රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන හරහා එහි සේවකයින්ගේ උපයන විට බදු ගෙවීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
“රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් යම් සීමාවකට වැඩියෙන් ඉපයීමක් කරනව නම් ඔවුන් උපයන විට බද්දට යටත් වෙනවා.
නමුත් පසුගිය වකවානුවේ දී විශේෂයෙන් අර්ධ රාජ්‍ය, සංස්ථාවල යම් යම් සේවා ගිවිසුම් ඇති කරගෙන තිබුණ තත්ත්වයන් මත උපයන විට බද්ද අදාළ ආයතනය විසින්ම ගෙවන අවස්ථාවන් අපට අත්විඳින්න ලැබුණ.
එවැනි අකාර්යක්ෂමතාවන්ට මේ අවස්ථාව නෙවෙයි. මේ පිළිබඳ ඉතා නිරවුල්ව සොයා බලා ඒ ගෙවීම වළක්වාලමින් පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත නිකුත් කරනවා”
ලෙස ඒ මහතා සදහන් කරන ලදී. ඒ අනුව මේ සතිය අවසානය වන විට අදාල චක්‍ර ලේඛය නිකුත් කරන බව ඒ මහතා සදහන් කරන ලදී.
කෙසේ නමුත් චක්‍ර ලේඛ හෝ නීති මගින් නොව, මෙරට ගොඩනගන්නට නම් සියල්ල පිලිබදව මනා වැටහීමක් ඇති ප්‍රායෝගික මිනිසුන් අවශ්‍ය වේ. එවැනි පුද්ගලයන් මේ රටේ පාලකයන් බවට පත්විය යුතුය. එසේ නොමැතිව කාලයෙන් කාලයට දැක්මක් නොමැති තීරණ ඉදිරිපත්කරමින් රට ගොඩනැගිය නොහැකිය.