සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ දේශපාලනය නොකිරීමට තමන් තීරණය කළ බව ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සදහන් කලේ අන්තර්ජාල වීඩියෝ සාකච්චාවක් පවත්වමිනී.
සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය යල්පැන ගිය එකක් බවත් පියා දේශපාලනය කළ පමණින් පුතුන්ට දේශපාලනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. එසේම මහින්ද රාජපක්ෂලා මෙන්ම ඔවුන්ව කරලියට ගෙනා ටියුෂන් ගුරුවරුන්ට, ප්රියන්ත් බන්ධු වැනි දූශෝත රාජ්‍ය නිලධාරීන් කල දූෂිත ක්‍රියාවන් නිසා මේ රට වැනසුණු බවද සදහන කරන ලදී. එසේම මේ රටේ දුක් විදින ජනතාව දෙස බලන විට ඔවුන්ට සාපයක් විය යුතු බවද ඔහු සදහන් කරන ලදී.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳව අදහස් පළ කරමින් පාඨලී චම්පික රණවක මහතා ස්සදාහං කරන්නේ, මෙරට පවතින සෙසු දේශපාලන පක්ෂ සමඟ සැසඳීමේදී ජනතා විමුක්ති පෙරමුණ පවුල් දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන පිරිසක් බවයි.
නමුත් ඔවුන්ට රට වර්තමානයේ මුහුණ දෙන ගැටලුට විසඳුමක් ලබාදීමට නොහැකි බවත් එලෙස සිදු කරන්නේ නම් ඒ සඳහා හැකියාව ලැබෙන ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳ තීරණය පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ප්‍රකාශ කළ යුතුව ඇති බවත් රණවක මහතා කියා සිටී.
කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක මහතා දීර්ඝ දේශපාලන ගමනක් යාමට නම් සජිත් ප්‍රේමදාස මහතා සමග එකතුව සිටීම වැදගත් වේ. නමුත් මේ වන විට දක්නට තිබෙන්නේ කිසිවෙකුටත් අනාගතයක් ගැන ප්‍රකාශ කිරීමට නොහැකි තත්වයකි.
සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න