ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් අසාධනය වී තිබෙන බව සමාජ මාධ්‍ය ජාලා වල දැඩි කතාබහට ලක්ව තිබෙන අතර සියලුම දෙනාගේ පැතුම වී ඇත්තේ ඔහුට ඉක්මන් සුවය ලැබේවා යන්නය.
කෙසේ වුවද, ගුවන් හමුදාධිපතිගේ ආරක්ෂාවට තර්ජනයක් වීම ජාතික ආර්කෂාවටද තර්ජනයකි. ගුවන් හමුදාපති සුරැකීම ඔහුගේ ආරක්ෂක අංශයේ ප්‍රධාන වගකීමකි. කොරෝනා යනු හතුරෙක් ලෙස සලකා වැඩ කිරීමට ගුවන් හමුදාව නොසැලකිලිමත් වීම පිටුපස වෙනත් රහසක් තිබිය හැකිය. සමහරවිට ඔහුට කොවිඩ් අසාධනය වන ලෙස යමෙකු කටයුතු කලාද විය හැකිය. ගුවන් හමුදාපති යනු , ජාතියේ තවත් එක් ප්‍රධාන තනතුරකි. ඔහු ජනතාවගේ තනතුරකි. ඔහු ආරක්ෂා කරගැනීමට නොහැකි වීම පිලිබදව ප්‍රශ්න කිරීමට සියලු පුරවැසියන්ට අයිතිය තිබේ.
අප මේ පිලිබදව දීර්ඝ විමර්ශනයක යෙදිනි. දැන ගැනීමට ලැබුණු නිශ්චිත තොරතුරුවලට අනුව ගුවන් හමුදා මූලස්ථානය තුල නිලදාරීන්ට මෙන්ම සාමාන්‍ය නිලධාරීන්ටද විශාල වශයෙන් කොවිඩ් රෝගය වැලදී තිබේ. කෙසේ වුවද ජාතියේ වාසනාවට ඔවුන්ගේ ජීවිත වලට හානි නොවීම භාග්‍යයකි. කොවිඩ් අසාදනය වූ හමුදා සාමාජිකයන්ට මෙන්ම නොවූ සාමාජිකයන්ටද තම මානසික ශක්තීන් හොදින් පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක්ද සුදර්ශන පතිරණ මහතා විසින් ස්ථාපනය කර තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසති. .
එහෙත් හමුදාවක් ලෙස ගත් විට හමුදාපතිවරුන් මෙන්ම සමස්ත පරිපාලනයේ ඉහල සිට පහලටම සුරැකීම සදහා ඒ ඒ අංශ එකතුව කටයතු කල යුතුය. ඒ සියල්ලටම ප්‍රථම තම හමුදාවේ ප්‍රධානියා සුරැකීම එම හමුදාවේම වගකීම වන අතර ඔහුගේ ආරක්ෂක අංශය ඒ වෙනුවෙන් සියලුම කටයතු සිදු කල යුතුය.
සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාපති බවට පත් වූ වහාම තම සගයන් සුරැකීම සදහා වැඩකටයුතු ගණනාවක් සිදු කර තිබුනද, ඔහුගේ ඇසට වැලි ගසමින් සමහර කදවුරු වල අණදෙන්නන් තම අභිමතයන් ගුවන් හමුදාපති අපකීර්තියට පත්වන ලෙස සිදු කර තිබුණි. ඒ පිලිබදව විවිධ වෙබ් අඩවි පවා වාර්තා කර තිබුණි. ඒවා පිටුපස සමහර උසස් නිලදාරීන්ගේ අත්මාර්තකාමි පටු ඉලක්කයන් තිබෙන බවද නොරහසකි.
කොවිඩ් වලින් සමස්ත ගුවන් හමුදාවම සුරැකීම සදහා සහ ජාතිය ගොඩ නැගීම වෙනුවෙන් සම්පූර්ණ කරන ලද වාර්තාවක් මීට අවුරුද්දකට පමණ පෙර එනම් , 2020 මැයි මස 06 වන දින, එවකට සිටි ගුවන් හමුදාපති වන සුමංගල ඩයස් හට බාර දී තිබේ. එහෙත් ඔහු එම වාර්තාව සත පහකටවත් ගණන් නොගෙන තිබෙන බවද වාර්තාවන අතර, එම වාර්තාවට අනුව කටයතු කලේ නම් වර්තමාන ගුවන් හමුදාපතිට මෙවන් අනතුරක් සිදු නොවනු ඇත. එසේම එම වාර්තාව තුල, මේ වනවිට ශ්‍රී ලංකාව තුල සිදුවන සිදුවීම් නවතා ගැනීමට අවශ්‍ය සියලුම දර්ශනයන් මෙන්ම, අනාගතය ගොඩ නැගීම සදහා අවශ්‍ය ඉලක්කයන්ද පෙන්වා දී තිබෙන අතර, අතිගරු ජනාධිපතිතුමන් වෙත එම වාර්තාවේ වැදගත්ම කොටස් ඉදිරිපත් කරන ලෙසද පෙන්වා දී තිබේ. එම වාර්තාවට අනුව කටයුතු සිදු නොවීම, හෙට දවසේ තවත් විනාශයක් ශ්‍රී ලංකාවට සිදු වනු ඇත. එම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේද, ප්‍රජා සහ සමාජ සංවර්ධනය පිලිබදව ශ්‍රී ලංකාව තුල සිටින උගතුන් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන අතර, එවකට ඔහු ගුවන් හමුදාවේ සක්‍රීය සාමාජිකයෙකි. මේ වන විට ඔහු විශ්‍රාම ගොස් තිබේ.
ඒ අනුව ගුවන් හමුදාවේ දර්ශනයක්, දැක්මක් නැති එහෙත් තම අවශ්‍යතාවය දෙස පමනක් බලන සමහර නායකයන්ගේ ක්‍රියාකාරකම්, වර්තමාන ගුවන් හමුදාපතිට කොවිඩ් අසාදනයවීම පිලිබදව වගකිව යුතු බව පැහැදිලිය. සුමංගල ඩයස් මහතා සගවන ලද වාර්තාව කුමක්ද?. ඔහු එය සගවා තැබුයේ ඇයි. අතිගරු ජනාධිපතිතුමා අපකීර්තියට පත්කිරීමේ අවශ්‍යතාවයක් ඔහුට තිබුනේද?. මේ සිදුවන මරණ පිලිබදව , ,ඉදිරියේ බිදවැටෙන සමාජය ගොඩනගන දර්ශනය ඔහු හමස් පෙට්ටියට විසි කලේ ඇයි. සුමංගල ඩයස් සිදු කල වංචා දූෂණ මොනවාද?
රාවනා ලංකා, නුදුරේදීම සුමංගල ඩයස් මහතාගේ අපරාධමය ක්‍රියාකලාපය ඔබට එළිදරව් කරන අතර, අපේ දැක්ම ජාතික ආරක්ෂාවයි. ඒ වෙනුවෙන් කැපකරන සැබෑ හමුදා නිලදාරීන්ද, භටයන්ද, පොලිස් නිලදාරීන් මෙන්ම සමස්ත රාජ්‍ය සේවයම වෙනුවෙන් කැපකරන සත්‍යවාදී මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමය. , දූෂණ ,වංචා, නීති විරෝදී ක්‍රියාකාරකම් වලට විරුද්ධව ඒවාට එරෙහිව, සත්‍ය තොරතුරු මත පදනම්ව තරාතිරම නොබලා කටයුතු කිරීමට අදාළ අංශවලට බලකරවන අප නිරන්තරයෙන්ම ඒ පිලිබදව සොයා බැලීමද සිදු කරනු ඇත.
යුධ සමයේ , තම ආගම, ජාතිය , ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කල ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් සුදර්ෂණ පතිරණ මහතාට ඉක්මන් සුවය ලැබේවා යයි රාවණා ලංකා මාධ්‍ය ජාලය වෙනුවෙන් අප ආශීර්වාද එක් කරමි. .