ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් පිළබඳව සොයා බැලීම, නිදහස් කිරීම ,ඇප ලබා දීම ඇතුළු ගතයුතු ඉදිරි තීරණ සමබන්ධයෙබ් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම සඳහා උපදේශක මණ්ඩලයක් පත් කර ඇත.
1979 අංක 48 දරණ ත්රස්වාදය වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව එම පත්කීරීම සිදු කළ ඇති බවයි ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසා සිටියේ.
මෙම උපදේශක මණ්ඩලය හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතර සෙසු සමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර ඇත.
දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් නොකිරීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත්, මෙම පත්කරන ලද උපදේශක මණ්ඩලය වෙත ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවත් හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.