රටක ඉතිහාසය වනසන්නෝ විනාශ කරන්නේ සමස්ත රටමය. ඉන් සිදුවන්නේ ආත්මාභිමානයක් නැති පරපුරක් රටට බිහි කිරීමය. දේශීය සම්පත් වනසන ඔවුන් සුරකිය යුතු නැත. ඔවුන්ට ලබා දීමට හැකි සියලුම දඩුවම් ලබා දිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ නම් ඔවුන් සුරකින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ය.
පසු ගියදා ජාතික සම්පතක් නොහොත් ජාතික වස්තුවක් වූ මහනුවර “සඳගල” හොරෙන් ඉස්සු ඇය කවුරුන්ද යන්න මේ වන විටත් දැනගත යුත්තෝ දැනගෙන අවසන්ය. අද මහනුවර තෙල්දෙණිය අධිකරණයට ඔවුන් පැමිණෙන බව වාර්තා වීමත් සමගම මාද්‍යවේදීන් කිහිප දෙනෙකු තෙල්දෙණිය අධිකරණය වෙත ගියේ මෙම සිද්ධිය වාර්තා කිරීමටය. නමුත් පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා මාද්යවේදීන්ගේ රාජකාරිය ඉටුකිරීමට බාධා කර තිබේ. මෙම සිද්ධිය සිදුවන්නේ පල්ලෙකැලේ පොලිස් ස්ථානය තුළදීය. එහිදී අදාල අපරාධය සිදුකිරීමට භාවිතාකර තිබෙන රථ වාහන වල දර්ශන ලබා ගැනීමට ඔහු ඉඩ දී නැත. ඒවා මාධ්‍යවේදීන්ට නොදෙන්නේ නම් පොලිස් මාධ්‍යප්‍රකාශ හරහා හෝ රටට එළිදරව් කිරීම, සැකකරුවන්ගේ නම් මාධ්‍ය හරහා රටට එළිදරව් කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම වේ.
ඒ අනුව අදාළ සිද්ධිය පිලිබදව සත්‍ය තත්වය සහ අදාළ සැකකරුවන්ගේ චායාරූප සහ වීඩියෝ ගෙන රටට එළිදරව් කිරීම, ඔවුන් කවුරුන්දැයි යන්න ජනතාවට දැනගැනීමට තිබෙන අයිතිය පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නැතිකර තිබේ.
දේශපාලනය කරමින් පොලිස් දෙපාර්තමේන්තුව වනසන්නේ මවැනි නිලධාරීන්ය. අප මීට පෙරද එය වාර්තා කර තිබේ. අදාළ සිද්ධියේ වීඩියෝ සහ චායාරූප ගැනීම වැලකු පල්ලෙකැලේ පොලිස් ස්තානධිපතිවරයාට අපගේ දැඩි අප්‍රසාදය එල්ල කරන අතර ඔවුන්ගේ මෙවැනි ක්‍රියාකාරකම් වලට ඇගිල්ල දිගු වන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටමය. අප මීට පෙරද සදහන් කල පරිදි ශ්‍රී ලංකාවට මාධ්‍ය අවශ්‍ය නොවන්නේ නම් මාධ්‍ය ආයතන වසා දැමිය යුතුය. එවිට මාධ්‍යවේදීන් නමින් කොටසක්ද බිහි නොවනු ඇත.