මාතර හා ගන්දර පොලිස් බලප්‍රදේශ දෙක තුළ දී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වන ඇමෝනියම් නයිට්ට්‍රේට්,ජෙලට් නයිට් කූරු, සේවානූල් ඇතුළු භාණ්ඩ විශාල තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුවය.
එහි දී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගල් වැඩපලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම පුපුරන ද්‍රව්‍ය ගබඩාකර ඇති බව අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුද්ගලයන් දෙදෙනා සහ පුපුරන ද්‍රව්‍ය මාතර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.