වර්තමාන ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා, පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඉවත්කරන ලෙස වර්තමාන ජනාධිපතිවරයාගෙන් බොහෝ පිරිසක් ඉල්ලු බව එම දිනවලදීම වාර්තා විය. පැවති අරගල නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම් නිර්මාණය කලේ ආරක්ෂක ලේඛම් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් බව අප දිගින් දිගටම වාර්තා කළේය. එම වාර්තාකිරීම් නැවත වරක් සනාථ කරමින් හිරු සලකුණ වැඩසටහනේදී ද ඇල්ලේ ගුණවංශ හිමි අරගලය සමය තුල ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ ක්‍රියාවලිය පැහැදිලි කරන ලදී.
කෙසේ නමුත් තවමත් ඉවත් කරනු ලැබුයේ නාවික හමුදාධිපතිවරයා පමණි. ගුවන් හමුදාධිපතිද හොර රහසේම මාස 6 ක සේවා දිගුවක් ලබාගෙන තිබේ. සේවා දිගුව ලබාගනීමට උපකාර කල දේශපාලන ප්‍රධානියාට ගුවන් හමුදාධිපති විසින් පසුගියදා පාටියක්ද ලබා දී තිබුණි. කෙසේ වෙතත් අරගලය ක්‍රියාත්මක වන්නේ මෙරට සිටි මෙන්ම තවමත් බලයේ සිටින පොහොට්ටු පක්ෂය ජනතාවට දුන් දැඩි පීඩනය නිසාය. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි වහාම අරගලය විනාශ කර දැම්මේය. නමුත් රට යහපත් කිරීමට අවශ්‍ය කටයුතුවල යම් සාර්ථකත්වයක් දක්නටද තිබේ. නමුත් පහර දීම වෙනුවට කල යුතුව තිබුනේ සාකච්චා කර විසදුමකට පැමිණීමය.ඉන් සිදු වුයේ රනිල් වික්‍රමසිංහ මහතාට තිබු ජනතා ආකර්ෂණය අහිමි වීමය.
මේ වන විට නව ආරක්ෂක ලේඛ්මවරයෙක් පත් කිරීම සඳහා කටයුතු කෙරෙමින් තිබෙන බව ජනාධිපති ලේඛම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හිටපු යුධ හමුදාධිපති මහේෂ් සේනානායක මහතාය. වර්තමාන ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි සිටි සමයේ “ගෝඨාභයගේ” මැතිවරණය ඉලක්ක කරගනිමින් පොතක් ලියා තිබුණි. විශ්‍රාම ගිය දිනයට පසුදා එම පොත එළිදැක්වීමටද ඔහු විසින් කටයුතු කරන ලදී.
එසේම අරගලය සමය තුල මාධ්‍යවේදීන්ට පහරදීම, සාමාන්‍ය ජනතාවට පහරදීම් ඇතුළුව රටේ ජනතාව සහ ආරක්ෂක හමුදා අතර තිබු දැඩි මිත්‍රත්වය විනාශයට ගියහ. සාමාන්‍ය ජනතාව ත්‍රිවිධ හමුදාවට තිබු ගරුත්වය නැති විය. ඒ සියල්ලම සිදුවන්නේ ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා රාජකාරිය වෙනුවට දේශපාලනය කල බැවිනි. කෙසේ නමුත් මහේෂ් සේනානායක මහතා නව ආරක්ෂක ලේඛම්වරයා ලෙස පත් කිරීමක් කර තිබෙන බවට වාර්තා නොවේ. ඒ පිලිබඳව කතා බහක් ඇති වීම යනු ස්ථීර වශයෙන්ම ඔහු පත් කිරීම හෝ වෙනත් අයෙකු පත් කිරීම පිළිබඳව යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවය.