ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ,ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාධනීය බව ය.
අමාත්‍ය මණ්ඩලයේ සිදු වූ වෙනස්කමින් පසු නව අධ්‍යාපන අමාත්‍යවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ වෘත්තීය සමිති සමග පළමුවරට සාකච්ඡාවක් ඊයේ (26) දිනයේ පැවැත්වුණි.
ඇමති අනුකමිටුව විසින් ගුරු-විදුහල්පති ගැටලුව පිළිබඳව යොමු කරන ලද යෝජනාවලට ගුරු සංගම්වල යෝජනා ද ඇතුළත් කර ලබන සඳුදා දිනයේ දී ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිති ,අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.