ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින බළල් අත් කවුරුන්ද යන්න තවමත් මෙරට ජනතාවට අභිරහසකි. එය රහසක්ව පවතින්නේ එකල සිටි රටේ ජනාධිපතිවරයා ලෙස ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අපොහොසත් වූ නිසාය. කෙසේ නමුත් ඔහු කල යුත්ත සිදුකලේ නම් කිසිම දිනයක වන්දියම් ගෙවීමට ඔහුට සිදු නොවනු ඇත.
මෙම ඉතිහාසගත නඩු තීන්දුව අනාගතයට මෙන්ම වර්තමාන ශ්‍රී ලාංකික පාලකයන්ටද දැවැන්ත පාඩමක් කියා දෙයි. එම පාඩම මෙරට ඉතිහාසයට එකතු කිරීමට කටයුතු ප්‍රධානතම නීතීඥවරයා වන්නේ ජේෂ්ඨ නීතීඥ ගාමිණී පෙරේරා මහතාය. ඔහු සහ පාස්කු ප්‍රහාරයෙන් තම ඩුව සහ පුතා අහිමි වූ සමන් සිරිමානන්ද මහතා ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග එක්ව එම සිද්දිය පිලිබදව “truth with chamuditha” යු ටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්චාවක් පැවැත්විණි.
මෙහිදී ජේෂ්ඨ නීතීඥ ගාමිණි පෙරේරා මහතා පවසන ආකාරයට 2019.04.21 සිදු වූ පාස්කු ප්‍රහාරයේ නඩුව ගොනු කරනු ලැබුවේ ඊට දින දෙකකට පසුව එනම් 2019.04.24 වන දිනය. මෙම පාස්කු ප්‍රහාරයේ සම්බන්දයෙන් නඩු පැවරීමට තමා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවත් නඩු 12ක්ම තමා ගොනු කළ බවත් ඉන් පළමු පෙත්සම්කරු ජගත් විතානගේද , දෙවන පෙත්සම්කරු සමන් සිරිමාන්න ද වේ. මොහු පවසන ආකාරයට ජනාධිපති ඇතුලු නිලධාරි මණ්ඩලය , ඇමතිවරු , ප්රභූවරු මේ ප්‍රහාරය සම්බන්දව දැන සිට ඇති අතර ඔවුන් තමන්ගේ වගකීම් පැහැර හැර තිබේ.
එමෙන්ම මෙම සාකච්ඡාවට සම්බන්ද වූ පාස්කු ප්‍රහාරයෙන් තම දුව සහ පියා අහිමි වූ සමන් සිරිමාන්න තමාට වූ අසාධාරණය පිළිබදව ද හෙලිදරව් කලේය. සමන් සිරිමාන්න තම දුව සහ පුතා වෙනුවෙන් වැරදි කළ වුන්ට දඩුවම් දීමට නඩුවක් ඉදිරිපත් කළා මිස දරුවන් වෙනුවෙන් තමා වන්දි නොඉල්ලූ බවත් තම දරුවන් මුදල් වලින් මැනිය නොහැකි බවත් අඩමින් ප්‍රකාශ කළේය.
මෙම පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ශක ලේඛම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය අංශ බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් බවත් , පාස්කු ප්‍රහාරයේ CID පරීක්ෂණයේ B වාර්තාව ඉහළ නිලධාරියෙක් විසින් අතුරුදහන් කිරීමට උත්සාහයක නිරත වූ බව ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැගවුණු බොහෝ කරුණු දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න.