ඊ ලග අරගලයේ ආරම්භයට මග පාදමින් තිබුනේ විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත යෝජනාවත් සමගය. එසේ වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකාවම එකට එකතුවෙමින් සිටි නමුත් මෙම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කැබිනට් මණ්ඩල ලේකම්වරයා වෙත යවා ඒ පිලිබදව ලිඛිතව දන්වා තිබේ. මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතට අනුව විදුලි ගාස්තුව ඉහළ දැමීමට කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ.