ශ්‍රී ලංකාවේ පැවති අරගලයට මිලියන ගණනාවක ජනතාවක් සහභාගි විය. නමුත් එම අරගලයේ ත්රස්තවාදීන් ලෙස නම් කර තිබෙන්නේ වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි පමණි. නමුත් පසුගිය දා හිරු tv සලකුණ වැඩසටහනට පැමිණි ඇල්ලේ ගුණවංශ හිමිද සඳහන් කලේ මෙරට ආරක්ෂක අංශ අරගලයට සම්බන්ධ බවයි. එසේ නම් වසන්ත සමග දෙතුන් දෙනෙකු පමණක් ත්රස්තවාදීන් ලෙස නම් කර තැබීමෙන් සිදුවන්නේ අනෙක් අයගේ නිරුවත හෙළි වීමය.
එවැනිම කතාවක් නැවතත් කරලියට පැමිණීම අද සිදු විය. ඒ චමුදිත සමරවික්‍රම මහතා ඔහුගේ අනතර් ජාල නාලිකාවේ පැවති සාකච්චාවකදීය. ඔහුගේ සාකච්චාවට අද සහභාගි වුයේ හිටපු යුධ හමුදා නිලධාරියෙක්, එක්ෂත් රණවිරු ප්‍රජාවේ කැදවුම්කරු අපේ ජනබල පක්ෂයේ හිටපු කැදවුම්කරු වන අසේල ධර්මසිරිය.
මෙහිදී ඔහු සඳහන් කලේ උතුරු නැගෙනහිරට ඉඩම් බලතල ලබා දීම තුලින් නැවතත් LTTE සංවිධානයේ නැගී සිටීමක් සිදු විය හැකි බව ඔහු සඳහන් කරයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ කාලයේ බුද්ධි අංශවලට බලපෑම් කළ බවද මාධ්‍යවේදීන් වන කීත් නොයාර්ට පහර දීම, එක්නැලිගොඩට මෙන්ම ලසන්ත වික්‍රමතුංග මරා දැමීම පිළිබදවද බුද්ධි අංශ නිලධාරීන්ට නඩු පවරා තිබෙන බවද, ඔවුන් තවමත් යුධ හමුදා නිලධාරීන් ලෙස රාජකාරියේ යෙදී සිටින බවද ඔහු සදහන් කරයි.
එසේම ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුධ හමුදාධිපති විකුම් ලියනගේද ත්‍රිවිධ හමුදා නිලධාරීන් ලෙස අරගලයාට උදව් කල බවද, ශවේන්ද්‍ර සිල්වා මහතා ඇමෙරිකන් තානාධිපති කාර්යාලය සමග එක්ව ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කටයුතු කල බවද ඔහු සදහන් කරයි. එසේම දේශපලාන් වුවමනාවන් ඉටුකරගැනීම සදහා හමුධාපතිවරුන්ට සේවා දිගු ලබා දෙන බවද ඔහු සදහන් කරයි.
මෙහිදී තවත් කරුණු රාශියක් අඩංගු වේ. සම්පූර්ණ වැඩසටහන් පහතින් බලන්න.