ඊයේ (20) පස්වරුවේ පන්විල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් තිරිංග අක්රීය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරෙන් කාන්තාවන් 16 දෙනෙකු හා පිරිමින් සිව් දෙනෙකු ඇතුළුව මගීන් 20 දෙනෙකු තුවාල ලබා මඩොල්කැලේ ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූ අතර ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සදහා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .
මෙම බස් රථය පන්විල ප්රදේශයේ ඇගලුම් කම්හලක සේවක පිරිසක් රැගෙන යමින් සිටියදී අනතුර සිදු වී ඇති බව වාර්තා වේ .
මේ පිළිබද වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරන බව දැනුම් දී ඇත.