රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසන්නේ කොවිඩ් – 19 ආසාදිත දරුවන් දෛනිකව 25ත් 30ත් අතර ප්‍රමාණයක් මේ වන විට වාර්තාවන බවයි.
මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී කොවිඩ් ආසාදිත දරුවන් 16 දෙනෙකු මියගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.
“රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ්-19 රෝගය වැලඳුණු දරුවන් 165ක් පමණ ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව දැඩිසත්කාර ඒකකයේ දරුවන් සිව්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේවෙතත් දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා. මේ වන විට මෙම රෝහලේ දී දරුවන් 16ක් පමණ මියගොස් තිබෙනවා. ඒ දරුවන්ගෙන් 90% ක්ම වගේ වෙනත් රෝගාබාධ තිබෙන අය.ෙදමාපියන්ට කියන්න තියන්නේ කොරෝනා යැයි සිතෙන යම්කිසි රෝග ලක්ෂණයක් තිබේනම් දරුවාව ඉක්මනින්ම ළඟම තිබෙන රෝහලට රැගෙන යන්න.”