ගොඩකවෙල වේරහැර මාර්ගයේ බීමත් රියදුරකු විසින් පදවා ගෙන යනු ලැබූ ත්රී රෝද රථයක් අනතුරකට පත්වීමෙන් තුවාල ලැබූ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු ගොඩකවෙල රෝහලට ඇතුලත් කොට තිබේ.
රෝහලට ඇතුලත් කළ අය අතරින් සුළු තුවාල ලැබූ හතර දෙනෙකු ප්රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇති අතර වයස් ගත පුද්ගලයකු නේවාසිකව ප්රතිකාර ලබයි.
මෙම අනතුරින් ත්රී රෝද රථයට දැඩි අලාබ හානි සිදුව ඇති අතර ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ.
ගොඩකවෙල පොලීසිය වැඩිදුර පරෙක්ෂණ පවත්වනු ලැබේ.
නවතම
රෝහල් ගත කරන ලද පුද්ගලයන් 5 දෙනාගෙන් දෙදෙනෙකු පමණක් රෝහලෙන් පිටව ගොස් තිබේ. මව, පියා සහ දියණිය යන තිදෙනාගෙන්ත මව සහ දියණිය ගොඩකවෙල රෝහලේ ප්රතිකාර ලබයි. පියාගේ තත්වය බරපතල බැවින් කහවත්ත රෝහල වෙත යවා තිබේ.