ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් විගමණික ශ්‍රමික දායකත්වයෙන් පිළිකා රෝගීන් සදහා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර ඇති බව සදහන් කර සිටින අතර අරමුදල සදහා වෙන් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 500ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි .
එම රුපියල් මිලියන 500ක මුදල් ප්‍රමාණය විදේශගතව සිටින විගමණික ශ්‍රමිකයන්ගේ දායකත්වයන් සහ විදේශ රැකියා ක්ෂේත්රයට අදාළ සියලුම පර්ශ්වයන්ගේ දායකත්වයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම මුදල සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිකා රෝගීන් සදහා වෙන් කර ඇති විශේෂ ගිණුමට බැර කරන බව ඔවුන් වැඩි දුරටත් සදහන් කර ලදී .