අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාලව ලැබුණු පැමිණිල්ලක් විමර්ශන මත ආරම්භ කර ඇති බව මානව හිමි කම් කොමිසම සදහන් කරයි.
ඒ අනුව පසුගිය දින වල මිට අදාලව මුලික විමර්ශනයන් සිදු කල බව කොමිසම සදහන් කොට තිබේ.
එම කොමිසමේ නිලධාරින් දෙදෙනකු ඓතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කර ඇති බවත් එහි වාර්තාව අද (23) දින දී කොමිසමේ සභාපති වරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.
බුදු දහම ආරක්ෂා කරගැනීමේ වගකීම ව්ය්වස්ථානුකුලව රජයට පැවරී ඇති අතර එම කරුණ පදනම් කර ගනිමින් මනාව හිමිකම් කොමිසම වෙත රුවන් වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පවසමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පැවසේ.
මෙම සිදුවීම සම්බන්ධව වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇතුළුව පාර්ශවයන් 7 ක් සදහන් කරමින් එම පැමිණිල්ල යොමු කර තිබේ.
ඒ අනුව අදාළ පාර්ශවයන්ට පසුගිය සතියේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පැම්ණෙන ලෙස මානව හිමිකම් කොමිසම විසින් දැනුම් දී තිබුනද ඉහත සදහන් කිසිදු පාර්ශවයක් එහි පැමිණ නොසිටි බව සදහන් වේ.
යළිත් වරක් එම විමර්ශන සදහා පැමිණෙන ලෙස එම පාර්ශවයන් හට දැනුම් දී ඇති අතර ඉතා පුළුල්ව මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරන බව ශ්‍රී ලංකා මනාව හිමිකම් කොමිෂන් සදහන් කරයි.