ගම්පොල නගරයේ පිහිටි පුද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්රයක් යම්කිසි පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙම මංකොල්ලය මුහුණු ආවරණය කර පැමිණි සිවු දෙනකු විසින් සිදුකර ඇති බවත් සැකකරුවන් තවමත් අනාවරණය කරගෙන නොමැති බවද වාර්තා වේ.
සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කර තිබේ.