ඉන්දීය කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසාන එක් දින ක්රිකට් තරගය ඉන්දීය කණ්ඩායම ජය වාර්තා කරණ ලදී.
ඒ අනුව ඊයේ (24)දින ඉන්දොර්හි ලබා ගත් ජයග්රහණය සමග ඉන්දීය කණ්ඩායම එක් දින තරගාවලිය තුනට බින්දුවක් ලෙස තරගාවලි ජයක් වාර්තා කරගැනීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර් 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 385 ක් ලබාගත් අතර නායක ශර්මා ලකුණු 101, ගිල් ලකුණු 112 ක් ලබාගැනීමට සමත් විය.
පිළිතුරු ලෙස නවසීලන්ත ක්රීඩකයන්හට පන්දු ඔවර 41 යි පන්දු දෙකකදී සියලුම ක්රීඩකයන් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 295 ක් පමණි.
ඒඅනුව ඉන්දීය කණ්ඩායම එම තරගය ලකුණු 90 කින් ජය වාර්තා කරණ ලදී.