දිස්ත්‍රික්ක 14කට නිලධාරින් යොදා කළ විමර්ශනකින් පසුව ප්‍රදේශ කිහිපයකම මහා කන්නයේ වගා කර ඇති කුඹුරු සදහා ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය ඇති වී ඇති බව වාර්තා විය.ඒ පිළීබදව වාර්තාවකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයාට දැනුම් දුන් බව සදහන් කරයි.
මෙම වාර්තාව සලකා බලා අමාත්‍ය මහින්ද අමරවීර බණ්ඩි පොහොර මිටියක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම සදහා කැබිනට් පත්‍රයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.ඒ පිළීබදව එළබෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
දැනට රුපියල් 18,000කට පමණ අළෙවි වන බණ්ඩි පොහොර මිටියක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ පවසයි.