මධ්‍ය ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසදුමක් දිය යුතු බව ජාත්‍යන්තර කටයුතු පිළිබද ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා රොයිටර් පුවත් සේවයට අදහස් දක්විමින් ප්‍රකාශ කර සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය වැනි ජාත්‍යන්තර සංවිධාන සමග ජපානය සමීප සබදකම් පවත්වාගෙන යන බව මසාටෝ කනිඩා මහතා ප්‍රකාශ කර සිටී.
ජාත්‍යන්තර කටයුතු පිළිබද ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ණය අර්බුදයට මුහුණ දෙන රටවල් අතරින් ශ්‍රී ලංකාවට ප්‍රමුකස්ථානයක් දෙන බව සදහන් කරන ලදී.