කුරුණෑගල මැල්සිරිපුර කුඹුක් වැව ප්රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකුට උපන් දා සිට හය මසකින් පසුව වැළදුණු සමේ කුෂ්ඨ රෝගයක් හේතුවෙන් තවමත් රෝගාබාධයෙන් පෙළෙන බව වාර්තා විය.එසේ රෝගී තත්ත්වයෙන් පෙළෙනු ලබන්නේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක අවුරුදු හය හැවිරිදි සහ අවුරුදු හතර හැවිරිදි දරුවන් දෙදෙනායි.
එම පවුලේ දෙවන දරුවා වන රෝගී තත්ත්වයෙන් පෙළෙන අවුරුදු හය හැවිරිදි දරුවාගේ පෙර පාසල් ගමන ද අහිමි වී තිබෙන අතර පාසල් ගමනටද කුෂ්ඨ රෝගය හරස් වී තිබෙන බව කියයි.
මෙම කුෂ්ඨ රෝගය සදහා දැනට කුරුණෑගල රෝහලෙන් ප්රතිකාර ලබා ගන්නා බව දරුවන්ගේ මව සදහන් කරයි. එමෙන්ම රෝහලට යාම සදහා පොදු ප්රවාහන භාවිතා කරන අතර පොදු ප්රවාහන වල ගමන් කිරීමේදී ගමේ උදවිය තම දරුවන් දෙස පිළිකුළෙන් බලන නිසා තමන් සහ දරුවන් අපහසුතාවයට පත්ව ඇති බව දරුවන්ගේ දෙමව්පියන් සදහන් කරයි.