ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් ප්‍රකාෂ කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන්සේවයට අයත් ගුවන් නියමුවන් 42ක් සේවයෙන් ඉවත්වීමේ ලිපි භාර දී ඇති බවත් තවත් 85 දෙනකු ගුවන් සේවා අධිකාරියේ සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත්ය.
ජාත්‍යන්තර ගුවන් සමාගම් හා ශ්‍රී ලංකා ගුවන් සමාගම අතර ඇති මාසික වැටුප් පරතරය ඩොලර් 20000ත් 30000ත් අතර පරතරයක් ගන්නා බව හා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඔහුනට වැටුප් ලබාදීමේදී ඩොලරය රුපියල් 370 ක් ලෙස ගණනය කරනුයේ සියලු බදු වලින් නිදහස් කොට බව සදහන් කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම ඩොලරය ගණනය කරනු ලබන්නේ රුපියල් 225ක් ලෙස බවද සදහන් කර ඇත.
2022 වර්ෂයේ දෙසැම්බර් මස සිට ඩොලරය රුපියල් 295 ට ගණනය කිරීම ආරම්භ කළ බවද වාර්තා වේ.
මෙලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් නියමුවන් 80 ක්පමණ අස්වී ගියහොත් මෙම වසර අවසානයේ ශ්‍රී ලංකා ගුවන් සමාගම දැඩි අර්බුදකාරී තත්වයකට පත් වන බවයි එම සමාගමේ උසස් නිලධාරියෙක් පවසා ඇත්තේ.