බාල තත්ත්වයේ ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක සපයන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බවට පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙලෙස මෙම වැටලීම් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආරම්භකළ බවයි දකුණු පළාත් ආහාර හා ඖෂධ පරීක්ෂක කේ.එච්.ජයරත්න මහතා සඳහන් කර සිටියේ.
එම සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (28) දිනයේ දී තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගත්බවයි ඔහු පවසා සිටියේ.