ලෝකයේ බොහෝ රටවල පවතින උද්ධමනය හේතුවෙන් පොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති භාවිතා කිරීම සදහා අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ලෝක වෙළඳපොලේ බොර තෙල් වල මිල දින 4කට පසු ඊයේ (27) ඩොලර් 88 සීමාව ඉක්මවා ගිය බව වාර්තා කරයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 88.60 ක් ද ඇමරිකානු ඩබ්ලිව් .ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 82 ද ඉක්මවා ගිය බව වාර්තා වේ.
ඒ අනුව ගත වූ මාසය තුළ බොර තෙල් සදහා වාර්තා වූ ඉහළම අගය මෙය බව ප්‍රකාශ කරන ලදී.