ඊයේ (27) වන දින මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම වසරේ සිට විද්‍යුත් ගුවන් බල පත්‍රයක් හදුන්වා දෙන බව ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව ශාකා 54ක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් විද්‍යුත් ගුවන් බල පත්‍රය සදහා ජිවදත්ත තොරතුරු ඇතුළත්ව චිප් කාඩ් පතක් එයට එක් කරන බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී.