දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 ක උපරිම සිල්ලර මිලකට සතොස සහ සමූපකාර අලෙවිසැල් වලින් පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව ඇති බවයි රජය පවසන්නේ.
පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධවෙමින් සඳහන් කළේ ,ලබන බදාදා සිට එම මිල යටතේ පාරිභෝගික ජනතාවට දුඹුරු සීනි ලබා දීමට කටයුතු කරන බවයි.
මෙරට සීනි පරිභෝජනයමාසිකව මෙට්‍රික් ටොන් 45,000ක් වන අතර ,එයින් මෙට්‍රික්ටොන් 23,000 ක් ජනතාවගේ පරිභෝජනය බවත් ඉතිරිය වෙනත් වෙනත් අවශ්‍යතා සඳහා වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.