බොරැල්ල ප්රදේශයේ පුද්ගලික රෝහලක් මගින් දිළිදු පවුල්වල පුද්ගලයීන්ට මුදල් දෙන බව පවසා මුලා කරමින් වකුගඩු ලබා ගැනීම පිළිබදව සිද්ධියක් කාන්තවක් ඇතුළු තවත් පුද්ගලයින් 05 දෙනෙකු බොරැල්ල පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාල සිද්ධියට සම්බන්ධ තැරැව්කරරුවෙකු වැල්ලම්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වේ.
මෙම සැකකරු කොළොන්නාව ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මොහු සන්තකයේ දුරකථන 2ක්ද තිබූ බව වාර්තා වේ.
සැකකරු අද (31) කොළඹ අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් කරයි .