පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය සඳහන් කරන්නේ, මේ වන විටත් ගැබිණි කාන්තාවන්ගෙන් 75%ක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බවයි.
මේ දක්වා එන්නත ලබා ගැනීමට යොමු නොවූ ගැබිනි කාන්තාවන්ට තම ප්‍රදේශයේ රෝහලට හෝ සායනයට ගොස් එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ.
ඇය තවදුරටත් සඳහන් කර සිටියේ මේ වන විටත් කොවිඩ්-19 ආසාදනය වීමෙන් ගැබිණි කාත්තාවන් 32ක් මියගොස් ඇති බවයි.
ගැබිනි මව්වරුන් 4,200ක් පමණ මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවත් එයින් 900 දෙනෙකු තවමත් ආසාදිත තත්ත්වයේ පසුවන බවත් ඇය සඳහන් කළේ ය.