2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ විදෙස් ප්‍රේෂණය 31.0% ක අඩුවීමක් පෙන්වුවත් 2022 වර්ෂයේ අග භාගයේදී ප්‍රේෂණය කැපී පෙනන ලෙස යළි යථාතත්වයට පත් වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා කරයි.
ඒ අනුව 2022 වර්ෂයේදී විදෙස් ප්‍රේෂණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3,789 ක් බවත් 2021 වර්ෂයේ විදෙස් ප්‍රේෂණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5,491 ක් බව වාර්තා කරයි.
ඒ අනුව 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ ප්‍රේෂණ ප්‍රමාණය අඩු මට්ටමක තිබුණත් 2022 අග භාගයේදී එය යළි යථාතත්වයට පත් වූ බව කියයි.