කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරක් මත කොළඹ ජාතික රෝහලේ සෞඛය කාර්යය සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවක් ළග රුපියල් දෙලක්ෂ පනස් දහසක පමණ හෙරොයින් තොගයක් සමග කටුනායක මල්ගස් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බව වාර්තා වේ. මෙම කාන්තාව රූපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා කුඩා ආලේපන බදුන් නිෂ්පාදනය කරන අතර එම ආලේපන බදුන් තුළ ඉතා සුක්ෂම ලෙස හෙරොයින් සගවා තිබු අතර එහි හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 200ක් තිබූ බව පොලිසීය ප්‍රකාශ කරයි.
මෙම සැකකාරිනිය හෙරොයින් අඩංගු පාර්සලයක් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකුට දීමට සැරසීමේදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් කටුනායක මල්ගස් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බව වාර්තා වේ. මෙම කාන්තාව පොළොන්නරුව – කාලිංග ඇළ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක් බව කියයි.එමෙන්ම දැනට කටුනායක කෝවින්න ප්‍රදේශයේ කුලී නිවසක ජිවත් වන බව සදහන් කරයි.
සැකකාරිනිය අද (2) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියයි.