මෙම සති අන්තයේ සිට කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700ත් 800ත් අතර මිලකින් ඉහළ යාමට නියමිත වුවද එලෙස මිල වැඩි කළහොත් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වන නිසා රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් මිල වැඩි කිරීමට තීරණය කර ඇතැයි ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි.