කොවිඩ් වසංගතය හමුවේ දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව අධීක්ෂණය කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් වගකිවයුතු බලධාරීන් දැනුවත් කර ඇත්තේ.
එසේම ඔක්සිජන් නොමැති වීම නිසා කිසිදු රෝගියෙක් මියෑමට ඉඩ නොදිය යුතු අතර ඔක්සිජන් අවශ්‍යකරන සෑම රෝගියෙක් සඳහාම හිඟතාවයකින් තොරව ඔක්සිජන් ලබා දීමට හැකි උපරිම පියවර ගන්නා ලෙසත් ඔහු උපදෙස් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ දෛනික රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය හිඟයකින් තොරව සපයා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි.