ගෑස් මිල ඉහළ ගිය ද ආපනශාලා නිෂ්පාදිත ආහාර මිල ගණන් වල මිල කිසිදු වෙනසක් නොකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්රකාශ කර ඇති බව වාර්තා වේ. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් අතර ඊයේ (5) පැවැත්වුණු සාකච්ඡාවේදී මෙය තීරණය කළ බව සංගමයේ සභාපති අසේල සම්පත් ප්රකාශ කළ බව කියයි.
එමෙන්ම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද ප්රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.