තුර්කිය – සිරියාව දේශසීමා අතර රික්ටර් මාපක 7.8 ක ප්‍රබලත්වයෙන් ඇති වූ භූ කම්පන තත්ත්වයෙන් 100කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට තුර්කියෙන් මළ සිරුරු 76 ක් පමණ සහ සිරියාවෙන් මළ සිරුරු 42ක් පමණ සොයා ගත බව වාර්තා කරන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව කියයි. භූ කම්පනය ප්රබලව බලපා ඇත්තේ “ Gaziantep” නම් ප්‍රදේශයට බව විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි.