අද (6) පස්වරුවේ මාතර සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් මාතර – කුඹුරුගමුව ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මාතර – කුඹුරුගමුව – බොරැල්ල මාර්ගයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී මෙම අනතුර සිදූ වි ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩි දුර විමර්ශන අරඹා ඇති බව කියයි.