ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්රකාශ කොට ඇත්තේ ජනාධිපති රනිල් වික්ක්රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමේ පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන ඇති බවයි.
පී.එස්.එම් චාල්ස් මහත්මිය විසින් මීට පෙර ඇය විසින් අස්වන බව පවසා අස්වීමේ ලිපිය ජනාධිපති වරයා හට යවා ඇති අතර ජනාධිපති වරයා විසින් එය පිළිගත් බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්රකාශ කොට තිබේ.