දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති කළමණාකරණ ඒකක 55 ක් වසා දැමීම , තවත් ඒකක 32ක් අත්හිටුවීම සහ ව්‍යාපෘති කළමණාකරණ ඒකක 46 ක් අවම කාර්යය මණ්ඩලයක් සහිතව පවත්වාගෙන යාම යෝග්‍ය බව ව්‍යාපෘති කළමණාකරණ ඒකක පිළිබද පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් බව කියයි.
එමෙන්ම එසේ කටයුතු කිරීමෙන් රුපියල් මිලියන 500ක මුදලක් ඉතුරි කර ගත හැකි වන බව එම කමිටුව ප්‍රකාශ කරයි.
මෙම වාර්තාව පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපති වෙත ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාව ඊයේ කැබිනට් මණඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූ බව වාර්තා වේ.