ඊයේ (7) දහවල් කළුතර , තේක්කවත්ත , පළාතොට ප්රදේශයේ දී සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බාල සහෝදරයාගේ පහරකෑමකට ලක්ව වැඩිමල් සහෝදරයා ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙම සහෝදරයන් දෙදෙනාගේ මව රෝහල්ගතව සිටි ඇයගේ සැමියා බැලීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇති බව කියයි. . මව රෝහලට ගිය අවස්ථාවේ දරුවන් දෙදෙනා නිවසේ සිට ඇති අතර ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් 14 හැවිරිදි සහෝදරයා තම වැඩිමල් සහෝදරයාට මන්නයකින් ගෙල ප්රදේශයට පහර දී ඇත. ඉන් තුවාල ලැබූ වැඩිමල් සහෝදරයා ප්රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බව කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි අනුරුද්ධ ධනංජය සිල්වා නැමැත්තෙක් වන අතර මොහු ත්රී රෝද රථ රියදුරෙකු බව කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි බාල සොයුරා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.