මාර්තු මස 15 වෙනිදාට යෙදෙන පාරිභෝගික දිනයට සමගාමිව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මාර්ග අනතුරු අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇති බව වාර්තා කරයි. ඒ අනුව එදිනට ලංගම බස් රථ රියදුරන් පුහුණු කිරීම , වඩාත් සුපරික්ෂාකාරිව රිය ධාවනය කරන රියදුරන් ඇගයීම , මාර්ග ආරක්ෂක නිලධාරින් පත් කිරීම , මගීන් දැනුවත් කරමින් අත් පත්රිකා බෙදා හැරීම ආදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක්රියාත්මක කිරීමට නියමිත බව කියයි.