උසස් පෙළ සදහා පාසලට ඇතුලත් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක් අල්ලසක් වසයෙන් ලබාගත් ගුරුවරයකු අල්ලස් හෝ දුෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුවතක් කුරුණෑගල ප්රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් ගුරුවරයා කුරුණෑගල නගරයේ ඉතා ප්රසිද්ධ පාසලක කළා අංශය භාර ප්රධාන ගුරුවරයා ලෙස සිට ඇති බව වාර්තා වේ.
අදාළ සිසුවා අනුරාධපුර ප්රදේශයේ වන අතර මෙයට සම්බන්ද ගුරුවරයා එම සිසුවාගේ පියාගෙන් කුරුනෑගල නගරයේදී මෙම කප්පම් ලබා ගන්නා අවස්ථාවේදී දුෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
අල්ලස් ලබා ගත් සැකකාර ගුරුවරයා කුරුනෑගල අධිකරණයට ඇතුලත් කෙරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ