කාත්තන්කුඩිය ප්රදේශයේ 11 හැවිරිදි දරුවෙකු තම සුළු පියාගේ ආමනුෂික පහරින් ජිවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
දරුවාගේ මව දෙවන වර විවාහ වී සිටි පුද්ගලයාගලයා විසින් අමානුෂික ලෙස පහරදීමෙන් මඩකලපුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව දරුවාගේ පියා විසින් පසුගිය 8 වැනි දින කාන්තන්කුඩිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු අතර පොලිසිය විසින් 26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඒ අනුව සැකකරු ඊයේ (9) දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු අතර ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළ බව කියයි.
අමානුෂික පහරකෑමට ලක්වූ 11 හැවිරිදි දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (9) දහවල් ජිවිතක්ෂට පත් වූ බව වාර්තා වේ.
අද (10) සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කාන්තන්කුඩිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව කියයි.