හෙට (11) දින මැතවරණ කොමිසන් සභාව විසින් දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස්වරු හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කැදවන බව වර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම කැඳවීම සිදුකරන බවයි.
ඒ මහතා තවදුරටත් පවසා ඇත්තේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770 ක මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හට ලිඛිතව ඉල්ලුම්ක කර ඇති නමුත් ලේකම්රවයාගෙන් සිදුකළ එම ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරක් ලැබී නොමැති බවත්ය.
මේ සම්බන්ධව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර ඇත්තේ මතිවරණය සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ඉතා ඉක්මනින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස ජනාධිපති වරයා ඇතුළු රජයෙන් ඉල්ලීමක් කරන බවයි.