පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි අතර අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණු බව වාර්තා වේ.
මෙම හමුවේදී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා විසින් ජනපති වෙත සමරු තිලිණයක් ද පිරිනැමූ බව කියයි .
මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන අය ද පකිස්ථාන නාවික හමුදාවේ රියර් අද්මිරාල් අබ්දුල් බාසිත් බට් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූ බව වාර්තා වේ.